ඉන්දීය යුරියා පොහොර තොගයේ දෙවන කොටස දිවයිනට

අගෝ 20, 2022

    ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට හිමි වූ යූරියා පොහොර තොගයේ දෙවන කොටස රැගත් නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඊට යූරියා මෙට්ට්‍රික් ටොන් 21,000ක් අයත් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

    එම පොහොර තොගය ගොඩබෑම් කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. තවත් දින කිහිපයකින් එම පොහොර තොගය ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හරින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.  

    ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට හිමි වූ යූරියා පොහොර ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 65,000ක්.

    Latest News