කැබිනට් තීරණ

මාර් 13, 2019

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමාජ ආරක්‍ෂණ ගිවිසුමකට එළැඹීමට යෝජනා වී තිබේ.

    ඉන්දියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් එරට සමාජ ආරක්‍ෂණ ක්‍රමවේදයට දායක විය යුතු අතර, එම සේවකයාගේ දායක මුදල් වයස අවුරුදු 58 වනතෙක් ආපසු ලබාගැනීමට හැකියාවක් නොමැත. එම ගැටළුව විසඳා ගැනීම දෙරට අතර සමාජ ආරක්‍ෂණ ගිවිසුමකට එළැඹීමේ මූලික අරමුණයි. ඒ වෙනුවෙන් 1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනත සශෝධනය සඳහා කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.
    ===
    මෙරට ගොඩනැගිලි සවිකර ඇති ආරෝහක යන්ත්‍ර සහ විදුලි සෝපාන යන්ත්‍ර සම්බන්ධයෙන් යෝග්‍යතා සහතිකයක් නිකුත් කිරීම ද යෝජනා වී තිබේ. විදුලිය ඇණහිටීම හේතුවෙන් ඒ ආශ්‍රිතව සිදුවන අනතුරු වළක්වා ගැනීම අරමුණයි. මේ සඳහා සුදුසු ක්‍රමවේදයක් හඳුන්වාදීමට අපේක්‍ෂා කෙරේ. අමාත්‍ය රවී කරුණානායක මහතා ඒ පිළිබඳව ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.
    ==
    පාරිභෝගිකයින්ට, රජයට මෙන්ම කිරිපිටි කර්මාන්තයේ නිරත වන්නන්ට ප්‍රතිලාභ හිමිවන පරිදි ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් යෝජනා කර තිබේ. ඒය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අමාත්‍ය පී හැරිසන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිවිය.

    Last modified on බදාදා, 13 මාර්තු 2019 20:20

    Latest News