ජනපති - අගමැති වැය ශිර්ෂ ඒකමතිකව සම්මතයි

මාර් 13, 2019

    ජනපති, අගමැති කාර්යාල සහ කොමිෂන් සභා ඇතුළු වැය ශිර්ෂ 22ක් ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

    කාරක සභා අවස්තා විවාදය අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අංක 1 දරණ ජනපති වැය ශීර්ෂයට බෙදීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවේ නැගී සිටි අග්‍රාමාත්‍යවරයා සහ සභා නායකවරයා බෙදීමක් අවශ්‍ය නොවන බව අවධාරණය කළේය.

    කෙසේ වෙතත් අදාළ විරෝධතාව සටහන් කරගන්නා බව, කතානායකවරයා සඳහන් කළ අතර, ජනපති, අගමැති වැය ශීර්ෂය ඇතුළු තවත් වැය ශීර්ෂ 22ක් ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

    Last modified on බදාදා, 13 මාර්තු 2019 20:33

    Latest News