වැවිලි ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඩොලර් මිලියන පහක්

මාර් 13, 2019

    ශ්‍රී ලංකාවේ තේ, පොල්, රබර් ඇතුළු ප්‍රධාන වැවිලි බෝග ක්ෂේත්‍රයේ සංවර්ධනයට ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ අරමුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන පහක් අයෝජනය කර තිබේ.

    මේ අනුව වැවිලි බෝග ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා (IFAD Mission) ව්‍යාපෘතිය හරහා මෙරට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇත.

    වැවිලි බෝග ක්ෂේත්‍රයේ සිදු කෙරෙන සංවර්ධන කටයුතුවල, සාර්ථකත්වය හා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් හඳුනා ගැනීමේ හමුවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සහ ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ අරමුදලෙහි උප සභාපති ඩොනල්ඩ් බ්‍රවුන්, ආසියානු කලාපීය අධ්‍යක්ෂක නයිජල් බ්‍රේට්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින වැඩසටහන් කලමනාකරු අචාර්ය ටරෙක් කොට්බ් යන මහත්වරුන් අතර අද (13) කොළඹ දී පැවැත්විනි.

    naveen1 px 900 19 03 13

    naveen px 900 19 03 13

    Latest News