කඳුකර කොටියාගේ මරණය ගැන අමාත්‍යාංශයෙන් විමර්ශනයක්

අගෝ 08, 2022

    නුවර එළිය හැටන් සමර්හිල් වතුයායේ තේ වත්තක දී මරණයට පත් වූ කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දී තිබේ.



    ඒ අනුව සිද්ධිය සම්බන්ධව විශේෂ විමර්ශනයක් සඳහා අද (08) දිනම අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත පිරිසක් හැටන් සමර්හිල් වතුයාය බලා පිටත් කර හැරීමට කටයුතූ කළ බව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

    දඩයක්කරුවෙකුගේ මන්දකට හසුවී සිටිය දී මෙම කඳුකර කොටියා බේරා ගැනීමට ගිය අස්ථාවේ ගසට යට වී කදුකර කොටියා මිය ගිය බවට වාර්තා පළවිය.

    කෙසේ වෙතත් මේ පිළිබද වහා විමර්ශනයක් සිදු කර වනජීවී නිළධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම මරණය සිදු වූ බවට සනාථ වූවොත් ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් ලබා දී තිබේ.

    Latest News