QR කේතයට ලියාපදිංචි සංඛ්‍යාව ලක්ෂ 51ක ඉක්මවයි

අගෝ 02, 2022

    ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ රාත්‍රී 8.00 වන විට පනස් එක් ලක්ෂ 38,259ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 143,188 දෙනෙකු ඒ සඳහා ලියාපදිංචි වී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.

    QR ක්‍රමයට පමණක් ඉන්ධන නිකුත් කිරීම ක්‍රියාත්මක වූ පළමු දිනය වන ඊයේ (01) දිනයේදී දිවයින පුරා පිහිටි පිරවුම්හල් 820කින් ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි, පාරිභෝගිකයින් හාර ලක්ෂ 57,360 දෙනෙකු සඳහා ඉන්ධන නිකුත් කර තිබේ.

    එලෙස නිකුත් කර ඇති සමස්ථ ඉන්ධන ලීටර් ප්‍රමාණය ලීටර් තිස් අට ලක්ෂ 50,615ක් වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කරන්නේ.

    Latest News