සංචාරකයින්ගේ ඉන්ධනවලට QR CODE අවශ්‍ය නැහැ

ඔක් 06, 2022

    සංචාරකයින් සඳහා ඉන්ධන අවසර පත්‍රයක් ඊයේ (05) සවස හඳුන්වා දී තිබෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    මෙම සංචාරක ඉන්ධන අවසරපත (Tourists Fuel Pass) ක්‍රමවේදය සමඟින් මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන්ට දැනට රටේ පවත්නා ඉන්ධන කෝටා ක්‍රමයෙන් බැහැරව, සිය අවශ්‍යතාවය අනුව ඉන්ධන ලබාගැනීමට හැකියාව ලැබේ.

    දිවයින පුරා පිහිටි ඕනෑම සම්පත් බැංකු ශාඛාවකට පිවිස ඕනෑම විදේශ මුදල් ඒකකයකින් සංචාරක ඉන්ධන අවසරපත මිලදීගැනීමේ පහසුව මෙන්ම දිවයින පුරා පිහිටි 300කට අධික Ceypetco සහ LIOC ඉන්ධන පිරවුම්හල්වලින් ඉතා පහසුවෙන් ඉන්ධන ලබාගැනීමේ පහසුවද ඔවුන්ට හිමිවේ.

    සංචාරක ඉන්ධන අවසරපත (Tourists Fuel Pass) හඳුන්වාදීම වෙනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සමඟ MilleniumIT ESP ආයතනය තාක්ෂණික සහයෝගීත්වයෙන් දායක විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ඔක්තෝබර් 2022 09:16

    Latest News