QR කේතය ගැන ඇමතිගෙන් දැනුම්දීමක්

අගෝ 05, 2022

    QR ඉන්ධන අවසර පත්‍රය ප්‍රවේශමෙන් භාවිතා කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දැනුම් දෙයි.

    එය වෙනත් පාර්ශවයකට ලබාගත හැකි ලෙස ප්‍රදර්ශනය නොකරන ලෙසත් QR කේතය අන් කිසිවෙකුට ලබා නොගත හැකි ලෙස සුරක්ෂිතව තබාගන්නා ලෙසත් Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියි.

    අවශ්‍යතාවය අනූව තමන්ට හිමි QR කේතය අවලංගු කර යළි නව QR කේතයක් ඉල්ලුම් කිරීමේ හැකියාව මේ වනවිට සපයා ඇති බවයි, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කරන්නේ. 

    Latest News