ත්‍රී රෝද රථ සඳහා ඉන්ධන කෝටාව දෙගුණ කිරීම සඳහා ජනාධිපතිතුමාගේ අවසර හිමි ව තිබේ.

සංචාරකයින් සඳහා ඉන්ධන අවසර පත්‍රයක් ඊයේ (05) සවස හඳුන්වා දී තිබෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

QR ඉන්ධන අවසර පත්‍රය ප්‍රවේශමෙන් භාවිතා කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දැනුම් දෙයි.

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ රාත්‍රී 8.00 වන විට පනස් එක් ලක්ෂ 38,259ක් දක්වා ඉහළ ගොස් තිබේ.

‍ඉන්ධන බලපත්‍ර ක්‍රමය හෙවත් “QR” ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා දීම, අදත් තෝරාගත් ඉන්ධන හල් කිහිපයක පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි අද (23) දිනයේදී තෝරා ගත් ඉන්ධන පිරවුම්හල්වලදී ජාතික ඉන්ධන අවසර පත්‍රයට ඉන්ධන ලබාදීම අත්හදා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

Latest News