“QR” ක්‍රමයට ඉන්ධන ලබා දීම තවත් කල් යයි

ජූලි 25, 2022

    ‍ඉන්ධන බලපත්‍ර ක්‍රමය හෙවත් “QR” ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා දීම, අදත් තෝරාගත් ඉන්ධන හල් කිහිපයක පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

    අද සිට මෙම ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද, නියමු ව්‍යාපෘතියක් ලෙස අදත් එය ක්‍රියාත්මක බවයි, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසන්නේ.


    ඒ අනුව අනුරාධපුර - එප්පාවල ඉන්ධන පිරවුම්හලේ අද ඉන්ධන නිකුත් කෙරුණේ “කියු ආර්” ක්‍රමවේදය අනුවයි.

    Latest News