පෝලන්ත ජනාධිපතිවරණයේ ජය ඇන්ඩ්රෙජ් ඩුඩායිට

ජූලි 13, 2020

    පෝලන්ත ජනාධිපතිවරණයේ වත්මන් ජනාධිපති ඇන්ඩිරෙජ් ඩුඩා ජය ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 51.2ක් ඔහුට ලැබී තිබේ.

    මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පැවති බවයි, වාර්තා වන්නේ. සියයට 70ක පමණ ඡන්දය ප්‍රකාශ කිරීමේ අගයක් වාර්තා වී ඇති අතර, එය පෝලන්ත ජනාධිපතිවරණයක දී මෙතෙක් හඳුනා ගැනුණු ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉහළම ප්‍රතිශතය ලෙස සැලකෙයි.

    මෙවර මැතිවරණයේදී ජනාධිපති ඩුඩාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ රෆල් ට්රස්කොඩුස්කි. ඔහුට හිමිව ඇති ඡන්ද ප්‍රමාණය 49.6%ක් ලෙසයි, වාර්තා වන්නේ. මෙවර මැතිවරණය පෝලන්තයේ අනාගතය සඳහා වූ සටනක් මෙන්ම, යුරෝපා සංගමය සමග පවතින සබඳතා වඩාත් පුළුල් කිරීමට හිමිවන ජනවරමක් ලෙස සැලකෙයි.

    Latest News