කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් පළායයි

ජූනි 29, 2022

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් දහසකට ආසන්න පිරිසක් අද උදෑසන පළා ගොස් තිබේ.

    උදෑසන 8.00ට පමණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරක්ෂක වැට කඩා බිද දමමින් ඔවුන් මෙලෙසය පළාගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    එම මධ්‍යස්ථානයට පුනරුත්තාපනය සඳහා රැගෙන ආ රැඳවියෙකු කලහකාරි ලෙස හැසිරිමෙන් ඇති වූ සිද්ධියක් අතරතුර අදාළ රැඳවියන් පැනගොස් ඇති බවයි, වාර්තා වන්නේ. 

    කලහකාරි ලෙස හැසිරුණු අදාළ රැඳවියා මියගොස් ඇති බව ද වාර්තා වෙයි. එසේ මියගොස් ඇත්තේ මෝදර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

    කෙසේ වෙතත් පළාගිය රැඳවියන් සෙවීමේ මෙහෙයුම් සඳහා මේ වන විට ආරක්ෂක භටපිරිසක් 500කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ. ඔවුන් සුංගාවිල මාර්ගය දෙපස පිහිටි සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සැඟව සිටින බවටයි, ආරක්ෂක අංශ සැකපළ කරන්නේ.

    මේ වන විට එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය ඇතුළු නිලධාරීන් රැසක් මෙහෙයුමට එක්ව සිටියි.

    Last modified on බදාදා, 29 ජූනි 2022 12:32

    Latest News