කන්දකාඩුවේ 33ක් අතුරුදන්

නොවැ 07, 2022

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 33 දෙනෙකු තවමත් අතුරුදන් බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා. 

    මේ වන විට මධ්‍යස්ථානයේ තත්වය සාමකාමී බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රියේ දී කලබලකාරී තත්වයක් ඇති වුණා. ඒ,  දෙදෙනෙකු අතර ඇති වු බහින් බස් වීමක් දුර දිග යාමෙන්.

    පසුව රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිලකට බෙදී, ගැටුමක් ඇති කර ගෙන තිබෙනවා. එය සමථයට උත්සහ කළ කාර් ය මණ්ඩලයටද පහරදී හිරිහැර කර ඇති බවයි, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරල් දර් ශන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.  කඳවුර තුළ පවතින අවි ගබඩාවට පැමිණි එම පිරිස අවි ලබා ගැනීමටද උත්සහ දරා තිබෙනවා.  නමුත්, අහසට වෙඩි තබා තත්වය පාලනය කිරීමටයි යුද හමුදාව පියවර ගෙන ඇත්තේ.    

    ගැටුම සිදු වන අවස්ථාවේ පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ 547 ‍දෙනෙකු රඳවා සිට තිබෙනවා.  ඊට සම්බන්ධ නොවූ 218 දෙනෙකු සේනපුර කඳවුර වෙත අද යොමු කෙරුණා.  ගැටුම් හේතුවෙන් රැඳී සිටි පිරිසක් පළා ගොස් තිබූ අතර, පසුව ඔවුන් පොලීසියට සහ ප්‍රදේශයේ යොදා තිබූ මාර් ග බාධක වෙත බාර වී තිබෙනවා. ඊට 211 දෙනෙකු අයත්.

    තුවාල ලැබූ 6 දෙනෙකු පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.  රැඳවියන් 5 දෙනෙකු සහ යුද හමුදා නිලධාරියෙකු ඊට අයත්.   ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර් ග පැවසුවේ.  ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයින් අද දහවල් වන තුරු නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් එම භූමිය තුළම රැඳී සිටියා.  පසුව යුද හමුදා නිලධාරීන් සහ පොලීසිය එක්ව ඔවුන් සමග සාකච්ඡා කර එම භූමියට ඇතුළුවී තිබෙනවා.  ඒ අනුව, මේ වන විට කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්වය සාමකාමී වී තිබෙනවා.

    ‍කන්දකාඩු  - පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර් ණ වාර් තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඒ, අමාත්‍ය  ආචාර් ය විජයදාස රාජපක්‍ෂ මහතා සමග කළ සාකච්ඡාවකින් අනතුරුවයි.

    Last modified on සදුදා, 07 නොවැම්බර් 2022 20:36

    Latest News