කන්දකාඩු රැඳවියෙකු මියයයි

නොවැ 12, 2022

    කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් සිටි රැඳවියෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව අද උදේ මියගොස් තිබෙනවා.

    ඒ, කඩුවෙල ප්‍රදේශයේ පදිංචි මොහොන් කුමාර යන අයෙකු බවයි, පොලීසිය පවසන්නේ.

    පසුගිය 7 වැනිදා කන්දකාඩු ප්‍රතිකාර හා පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයෙන් 300කට ආසන්න රැඳවියන් පිරිසක් පැන‍ගියා.

    මියගිය පුද්ගලයා ද ඒ අතර සිටියදී ඊයේ සොයගනු ලැබුවා. ඒ ත්‍රිකෝණමඩුව මාර්ගයක් අසළ වැටී සිටියදී. අසාධ්‍යව සිටි එම රැඳවියා රෝහල්ගත කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.

    එම රැඳවියා අද උදේ මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. කන්දකාඩු සිද්ධියෙන් පැන ගිය 11 දෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරනවා.

    Latest News