පෙට්‍රල් පෝලිම්වල රැඳී සිටින්න එපා - ඇමති කංචන

ජූනි 20, 2022

    ඉදිරි දින තුන අත්‍යවශ්‍ය කරුණක් හැර වෙනත් කරුණු සඳහා පෙට්‍රල් ලබා ගැනීමට පෝලිම්වල නොසිටින්නැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    ඉදිරි දින 10 සඳහා ඩීසල් ප්‍රමාණවත් පරිදි පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ඩීසල් තොග වැඩියෙන් වෙළෙඳපොළට නිකුත් කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රාශ කළේ. එමගින් පවතින තදබදය අවම කිරීමට හැකි වනු ඇති. ලබන 23 සහ 24 යන දිනවලදී පෙට්‍රල් සහ ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතයි.

    කෙසේ වුවද පිරවුම්හල් අසළ තවමත් දිගු පෝලිම් පවතියි. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල් තාවකාලිකව වසා දමා තිබේ.

    Last modified on සදුදා, 20 ජූනි 2022 16:53

    Latest News