තවත් ඩීසල් නෞකාවක් අද දිවයිනට

ජූනි 16, 2022

    ඉන්දියන් ණය ආධාර යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද දිවයිනට ළගා වීමට නියමිතයි.

    ඉන්දීය ණය පහසුකමෙන් එන අවසන් ඉන්ධන නැව එය බවයි වාර්තා වන්නේ.

    ඒ අතර ඉන්දීය ණය පහසුකම් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර, ලංකා ඛනිජ තෙල් සංස්ථාව දෛනිකව පාරිභෝගිකයන්ට බෙදා හැරීම සඳහා පිරවුම්හල්වලට නිකුත් කරන පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ඇතුලු සියලුම ඉන්ධන පිළිබඳ වාර්තාව www.ceypetco.gov.lk යන සංස්ථා වෙබ් අඩවිය මෙන්ම, සංස්ථා ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කිරීමට කටයුතු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

    Latest News