චීනය විසින් ශ්‍රී ලංකාවට ඩීසල් ලීටර් මිලියන 10.6ක් පරිත්‍යාග කර ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

ඉන්දියන් ණය ආධාර යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද දිවයිනට ළගා වීමට නියමිතයි.

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ (30) සවස කොළඹට ළඟාවූ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.  

ඩීසල් හිඟය හෙට රාත්‍රී වන විට පහව යනු ඇතැයි ඛනිජ තෙල් බෙදුම්රුවන්ගේ සංගමය පවසයි.

ඉන්ධන පිරවුම්හල් වෙත අද දිනයේද ඩීසල් බෙදා හැරීම සිදුවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පොදු ප්‍රවාහනය සේවයේ නියුතු පෞද්ගලික බස් රථ සදහා අවශ්‍ය ඉන්ධන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවලින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

Latest News