ගෑස් පෝලිමක සහ ඉන්ධන පෝලිමක මරණ 2ක්

ජූනි 16, 2022

    ගැස් රැගෙන ඒමට විල්බැරෝවක හිස් සිලින්ඩරයක් පටවාගෙන ගිය පුද්ගලයෙකු අද උදෑසන මිය ගොස් තිබේ.

    එසේ මිය ගොස් ඇත්තේ පූගොඩ ප්‍රදේශයේ පදංචි අවුරුදු 64ක පුද්ගයෙක්.

    තවද පානදුර - වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි ත්‍රීරෝද රථ රියදුරෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ අද අලුයම ඉන්ධන පෝලිමේ සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

    මෙලෙස මියගෙස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මිය යන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

    Latest News