රුසියානු ගුවන් යානය ගැන රාජතාන්ත්‍රික සාකච්ජා...

ජූනි 05, 2022

    රුසියානු මගී ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජතාන්ත්‍රිකව සාකච්ජා කරන බව, විදේශ අමාත්‍යාංශය පවසනවා.

    මේ මස 02 වැනිදා එනම් පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ වාණිජ අධිකරණය රුසියානු “එයරොෆ්ලොට්“ ගුවන් සේවයට අයත් එස්.යූ. 289 මගී ගුවන් යානයට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ගුවන්ගත වීම අවලංගු කර වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ, එම ගුවන් යානය කල් බදු ක්‍රමයට ලබාදුන් සමාගම සහ “එයරොෆ්ලොට්“ ගුවන් සේවය අතර මතුවූ ගැටලුවක් මුල් කරගනිමින්.

    කටුනායක ගුවන් තොටුපල හා ගුවන් සේවා ආයතනයේ ගුවන් ගමන් මෙහෙයුම් වැඩබලන ප්‍රධානී එන්.සී. අබේවර්ධන මහතා ද එහි වග උත්තරකරුවෙකු ලෙස නම්කර තිබුණා.
    මෙහි අවසන් තීන්දුව අධිකරණ ක්‍රියාමාර්ග මත රඳා පවතින බව, විදේශ අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම රුසියාව සමඟ තවදුරටත් මේ සම්බන්ධයෙන් රාජතාන්ත්‍රිකව සාකච්ජා කරන බවයි, විදේශ අමාත්‍යාංශය ඊයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    Latest News