සුමනා අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ජූනි 05, 2022

    ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 73 වියෙහි පසුවිය.

    හදිසි අසනීප තත්ත්වයක් මත ඇය රෝහල්ගත කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මහනුවර රණවන දී උපත ලැබු ඇය පාසල් වේදිකාවේ රඟමින් 1964 වසරේ දෙහිවල පැවතී අවුරුදු කුමාරි තරඟයෙන් මුල් තැන දිනා ගනිමින් 1965 වසරේ “මිස් මේරේ ලාල්” ලෙස ද කිරුළු පැළැඳිය. 

    ඇය ජනතා පුවත්පතේ “ලස්සන මුහුණු” තරඟයෙන් දෙවැනි තැන ලබා සිනමා නිළි වරම් ලැබීය.

    රුබි ද මෙල්ගේ “පිපෙන කුමුදු” චිත්‍රපටයේ ප්‍රථම රංගනය ඉදිරිපත් කළ ඇය රෝයි ද සිල්වා සමග විවාහ වීමෙන් පසු “සුනේත්‍රා”, “සූකිරි කෙල්ල”, “ඔබයි මමයි” වැනි චිත්‍රපටවලින් ජනප්‍රියත්වයට පත් වුවාය.

    “රෑන ගිරව්”, “දැන් මතකද”, “මේ දෑස කුමටද”, “ලොකුම හිනාව”, “ටොම්පචයා”, “සුදු පරවියෝ”, “කඩවුණු පොරොන්දුව නව නිෂ්පාදනය”, “තණ ගිරවි”, “ගෙදර බුදුන් අම්මා” වැනි චිත්‍රපට ගණනාවක රංගනය කළ ඇය “ටොම්පචයා”, “තණ ගිරවි”, “සුදු පිරුවට”, “චෙරියෝ ඩොක්ටර්” වැනි චිත්‍රපට ගණනාවක් නිෂ්පාදන කළාය.

    ඇය විවාහ වී සිටියේ මෙරට ප්‍රවීන රංගන ශිල්පියෙකු හා චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වූ රෝයි ද සිල්වා මහතා සමගයි.  

    Latest News