අදත් ගෑස් සිලින්ඩර් 50,000ක් වෙළෙඳපොළට

ජූනි 02, 2022

    අද දිනයේත් දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 50,000ක් බෙදා හැරෙන බව, ලිට්රෝ ගෑස් සමාගම පවසයි. එහිදී ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලටයි.

    ලිට්‍රෝ සමාගම පවසන්නේ, මෙරටට ළගාවී තිබූ මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් තොගයක් සහිත නෞකාවෙන් ගෑස් ගොඩබෑම අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රමාද වූ බවයි. මේ වන විට ගොඩබෑම අවසන් කර ඇති බැවින් මුතුරාජවෙල ගෑස් පර්යන්තයෙන් ගෘහස්ථ හා වාණිජමය අවශ්‍යතා සඳහා ගෑස් බෙදා හැරීම ආරම්භ කර තිබේ.

    ඒ අනූව, කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කවලට සිලින්ඩර් 30,000ක් හා ඉතිරි 20,000 දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක වෙත බෙදා හරින බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

    ඊයේ රාත්‍රියේ සිටම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබිණ. ඇතැම්,පිරිස් අඛණ්ඩව දින දෙකක් තිස්සේ එම පෝලිම්වල රැඳී සිටින බවයි, ඔවුන් පවසන්නේ. 

    Latest News