ධීවර වරාය වෙත අඛණ්ඩව ඉන්ධන

ජූනි 02, 2022

    දිවයින වටා ධීවර වරාය වෙත අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ලබාදීමට පියවර ගන්නැයි, ධීවර වරාය නීතිගත සංස්ථාව ධීවර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    ඉදිරියේ දී ධීවර වරාය සඳහා අවශ්‍ය ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ලබා ගැනීමට පහසුකම් සළසා දෙන ලෙසයි,ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරිය ප්‍රමුඛ අනුබද්ධ ආයතන ප්‍රධානීන් සමග ඊයේ පැවති සාකච්ජාවේ දී නිලධාරීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.  

    මත්ස්‍ය නිෂ්පාදන වෙළෙදපොළට නිකුත් කිරීමේ දී පවතින ගැටලු හා මේ දිනවල පවතින අධික මත්ස්‍ය මිල පහත හෙළිම පිළිබඳව අවධානය යොමු වී තිබේ. 

    ජලජීවී වගා සඳහා මත්ස්‍ය ආහාර ආනයනය කිරීමේ දී පැනනැගී ඇති ඩොලර් හිඟය හේතුවෙන් මත්ස්‍ය වගාකරුවන් අපහසුතාවට පත්ව සිටින බව ජලජීවී වගා සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.

    Latest News