අද ගෑස් සිලින්ඩර 16,000ක් වෙළෙඳපොලට

ජූනි 03, 2022

    ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16,000ක් පමණක් අද (03) දිනයේ සපයන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි. 

    ගෑස් තොග ක්‍රමයෙන් අඩු වීම නිසා මෙම පියවර ගත් බවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් දෙවැනි නෞකාව පැමිණි පසු නැවත සැපයුම ඉහළ දමන බවත් එම සමාගම පවසයි. 

    ලිට්‍රෝ සමාගම පසුගිය සඳුදා සිට ඊයේ (02) දක්වා ගෑස් සිලින්ඩර 50,000ක් බැගින් සිලින්ඩර ලක්‍ෂ දෙකක් වෙළෙඳපොලට සැපයීය.

    එසේම ගෑස් ලබා ගත හැකි නියෝජිත ආයතන පිළිබඳ www.litrogas.com ඔස්සේ දැනුවත් විය හැකිය.

    Latest News