දෛනික ගෑස් සිලින්ඩරවලින් 60%ක් කොළඹට හා ගම්පහට

මැයි 21, 2022

    දෛනිකව බෙදන ගෑස් සිලින්ඩරවලින් 60%ක් තදාසන්න සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් සීමා සහිත කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව, ලිට්‍රෝ සමාගමට නිර්දේශ කර තිබේ.

    ගෑස් බෙදාහැරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඊයේ දිනයේ එම සමාගම කෝප් කමිටුව හමුවේ පෙනි සිටි අවස්ථා මෙම දැනුම්දීම කර තිබේ.

    ඒ අනූව, පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් එහිදී උපදෙස් දී ඇත්තේ, ඉදිරි සතියක පමණ කාල සීමාව තුළ මෙම බෙදා හැරීම් සිදු කරන ලෙසයි.

    දිවයින පුරා සිටින ප්‍රධාන නියෝජිතයන් 42දෙදෙනෙකු සහ අනෙකුත් උප නියෝජිතයන් හරහා ගෑස් බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවයි, මෙහිදී ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ .

    පැවති අයහපත් කාළගුණය හේතුවෙන් මුතුරාජවෙලදී බෝයාව සම්බන්ධ කිරීමට අපහසු බැවින් කොළඹ වරායට නෞකාව රැගෙවිත් ගෑස් ගොඩබෑමට සිදුවීම හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුවූ බවත් ඔහු පැවසීය.

    කෙසේ වෙතත්, ඉන්ධන සහ ගෑස් ලබාගැනීම සඳහා ප්‍රදේශ රැසක පාහේ දිගු පෝලිම් දක්නට ලැබේ. 

    Latest News