අදත් ගෑස් සිලින්ඩර 50,000ක් වෙළඳපලට

ජූනි 01, 2022

    අද දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 50,000ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

    ඊයේ දිනයේදීත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 50,000ක් වෙළෙඳපොලට නිකුත් කෙරුණු අතර ඉන් වැඩිම ප්‍රමාණයක් නිකුත් කෙරුණේ කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලටයි.

    ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500ක් රැගත් තවත් නෞකාවක් ලබන 04 වැනිදා මෙරටට ළගා වීමට නියමිතයි.

    ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට පැමිණීමේ දී අලෙවි නියෝජිතයින්ට දුරකථනය මගින් ඇමතුමක් ලබාදී ගෑස් ලබාගැනීමට හැකියාවක් තිබේ ද යන්න තහවුරු කරගෙන ගෑස් ලබාගැනීමට පැමිණෙන ලෙසයි ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ.

    Latest News