ගෑස් සිලින්ඩර 50,000ක් අද සිට වෙළෙදපොළට

මැයි 31, 2022

    ගෘහස්ත ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහැරීම අද (31) සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. 

    ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5, කිලෝ ග්‍රෑම් 5 සහ කිලෝ ග්‍රෑම් 2.3 යන වර්ගවල ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු අද පස්වරුවේ සිට ආරම්භ කෙරේ.

    ඉන් 60% ක් හෝ ගෑස් සිලින්ඩර 30,000ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදාහරින බවත් ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. 

    ඒ අනූව, අද සිට ලබන සිකුරාදා දක්වා දෛනිකව ගෑස් සිලින්ඩර 50,000ක් නිකුත් කිරීමටයි, ලිට්‍රෝ සමාගම සැලසුම්කර ඇත්තේ. නියමිත දිනට ගෑස් නෞකාව නොපැමිණීම හේතුවෙන් ඉකුත් අඟහරුවාදා සිට ගෑස් බෙදාහැරීමේ කටයුතු නතර වී තිබිණ. කෙසේ නමුත් ඊයේ (30) දිනයේ දී ගෑස් මෙට්‍රික්ටොන් 3,950ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණි අතර එය ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේම ආරම්භ කළ බවයි, ලිට්‍රෝ සමාගම පවසන්නේ.  
    Last modified on අඟහරුවාදා, 31 මැයි 2022 11:02

    Latest News