update - දුම්රිය වැඩවර්ජනය අවසන්

මාර් 09, 2019

    දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් පිරිසක් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අවසන් කර තිබේ.

    වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වී තිබිණ. වැඩවර්ජනය නිසා අද උදෑසන ධාවනය වීමට තිබූ නගරාන්තර සහ සේවා දුම්රිය රැසක් ධාවනය වූයේ නැහැ. එම නිසා රාජකාරීවලට යමින් සිටි බොහෝ දෙනා දැඩි අසීරුතාවට පත්විය.

    කෙසේ වෙතත්, මන්දගාමී, කෙටිගමන් සේවා දුම්රිය වාර කිහිපයක් ධාවනයට එක්කර තිබිණ. දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ සාමාන්‍යාධිකාරීවරයා සිට ගැටලු සම්බන්ධයෙන් සාකච්ජාවක් ලබා දීමට එකඟවීමත් සමග වැඩවර්ජනය අත්හිටවූ බවයි.

    Last modified on සෙනසුරාදා, 09 මාර්තු 2019 11:58

    Latest News