අල්ලස් ගත් CID සැරයන් රිමාන්ඩ්

මාර් 08, 2019

    රුපියල් අසූ දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයෙකු ලබන 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

    අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් සංඛ සේනක සිල්වා නමැති මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවනු ලැබීය.

    අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ චෙක්පතක් වංචාවකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා නොකර සිටීමට එම ව්‍යාපාරිකයාගෙන් මෙම සැකකරු රුපියල් 513000/- මුදලක් මුලින්ම ලබාගෙන ඇති බවයි.

    පසුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයාට ලබාදීමට බව පවසා එම ව්‍යාපාරිකයාගේ රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඉන් රුපියල් අසූ දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබිණ.

    මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර නොමැති බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය පසුව මෙම සැකකරු රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

    Latest News