3-4 බැණුම් ඇසුවත් අවසන් වසරේ ප්‍රතිඵලයක්.... අගමැති

මාර් 08, 2019

    ලෝකය සමඟ ඉදිරියට යාමට අවශ්‍ය නවීන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමේ වගකීම රජය බාරගත් බව අග්‍රමාත්‍ය රනිල් වික්රකමසිංහ මහතා පවසයි.

    ඒ සඳහා පුහුණු ගුරුවරු,, ගොඩනැගිලි පහසුකම්, සෞඛ්‍ය ආරක්ෂාව, නව තාක්ෂණය සහ දහතුන් වසරක අධ්‍යාපන අනිවාර්ය කිරීම වැනි ප්‍රධාන අංගයන් ඇතුලත්ව අනාගත අධ්‍යාපනය රාමුව ගොඩනගා ඇති බව අවධාරනය කළේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේදී අද (08) පැවති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රධනය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. මෙහිදී ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව හැදෑරු 3000 කට සහතික ප්‍රධානය සිදුකෙරිණ.

    වත්මන් රජය පසුගිය වසර 04 තුල අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කළ බවත්, ඒ අනුව අධ්‍යාපනය නවීකරණය කිරීමට හැකිවීම ගැන තමන් සතුටු වන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “අද දිනයේ ගුරු ඩිප්ලෝමාධාරීන් 3000 කට පත්වීම් ලබාදෙනවා. ඔබ සියළු දෙනාම පත්වීම් ලබාගත් පසු පාසල්වලට යන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගැන්වීමට අවශ්‍ය දැනුමත් සමඟයි. ඉගැන්වීමේ දැනුම නොමැතිව නොවෙයි. මේ වන විට අධ්‍යාපන ඩිප්ලෝමාධාරින් 80,000 ක් පමණ පාසල් ක්ෂ්ත්‍රයේ ගුරු වෘත්තියේ යෙදී සිටිනවා. මේ වසර අවසන් වන විට එම සංඛ්‍යව 90,000 දක්වා වැඩි කිරීම අපේ අරමුණයි.

    මම අධ්‍යාපන අමාත්‍යධූරයට අකිල විරාජ් ඇමතිතුමා පත්කරන විට උපදෙස් දුන්නේ ඇමතිකම දිගටම තියාගන්නට ඕන නම් නුපුහුණු ගුරුවරුන් බඳවා ගැනීම නතර කරන්න කියායි. එදා නුපුහුණු ගුරුවරුන් 25,000 ක් සිටියත් අද ඒ ප්ර මාණය අඩුවී තිබෙනවා. මේ වැඩසටහන දිගටම ක්‍රයාත්මක කරනවා නම් තවත් වසර 03 – 04ක් යන විට නුපුහුණු ගුරුවරුන් සියළු දෙනාම පුහුණු කළ හැකියි.

    පසුගිය කාලය තුල පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම, වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන, නව තාක්ෂණය යොදා ගැනීම , කලාව, ක්‍රීඩාව වැනි අංශයන්ට ශිෂ්‍යාවන් යොමු කිරීම වැනි අති විශාල වැඩකොටසක් අපි සිදු කර තිබෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් මීට පෙර කිසිවෙකුත් මෙවැනි සේවයක් සිදුකර නැහැ. අපේ තිබෙන්නේ සෝභනයට වැඩ කිරීම නොවෙයි. මම ඇමතිතුමාට උපදෙස් දුන්නේ ප්‍රතිඵල පෙන්විය හැකි වැඩසටහන් ආරම්භ කරන ලෙසයි. වසර 3 - 4 බැණුම් ඇසුවත් පස්වන වසරේදී ප්‍රතිඵල පෙන්වීමට අපට හැකියාව ලැබීම තිබෙනවා යැහි ඔහු කියා සිටියේය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා එක්විය.

    pmranildip1 px 900 19 03 08

     

     

     

     

     

    Latest News