ඉදිරි දින දෙකේදී පෙට්‍රල් සැපයීමේ හැකියාවක් නැහැ - කංචන විජේසේකර (වීඩියෝ)

මැයි 18, 2022
  • ජනතාව පෝලිම්වල සිටියද ප්‍රමාණවත් පරිදි පෙට්‍රල් සැපයීමේ හැකියාවක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. 

    ඉන්ධන සඳහා අදාළ මුදල් සොයා ගැනීමෙන් අනතුරුව අද හෝ හෙට නිදහස් කර ගැනීමට උත්සාහ කරන බවත් කෙසේ නමුත් ඩීසල් තොග මෙරට ප්‍රමාණවත් පරිදි තිබෙන බවද ඔහු ප්‍රකාශ කරයි.

    එසේම, මෙරට ගෑස් සිලින්ඩර ලක්ෂ 40ක් හිස්වී ඇති බවත් එය යථා තත්ත්වයට පත් කිරීමට දින 20ක් පමණ ගතවන බවද විපක්ෂය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ අතර භූමිතෙල් බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු කරන බවත් කෙසේ නමුත් ඇතැම් පිරිස් භූමිතෙල් අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් වාර්තා වන බවයි, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේය. 

    Last modified on බදාදා, 18 මැයි 2022 19:13

    Latest News