කැස්බෑව නගරාධිපතිගේ නිවසට ගිනිතැබූ 15ක් අල්ලයි

මැයි 18, 2022

    කැස්බෑව නගරාධිපති, ලක්ෂ්මන් පෙරේරා මහතාගේ නිවසට ඉකුත් 9 වැනිදා පහරදී ගිනිතබා දේපළ කොල්ල කෑ 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පිළියන්දල පොලීසිය විසින්.

    කාන්තාවකද ඒ අතර වන බවයි පොලීසිය පවසන්නේ. සැකකරුවන් විසින් කොල්ලකන ලද ශීතකරණ දෙකක්, රෙදි සෝදාන යන්ත්‍රයක්, පුටු සැටියක් සහ එම භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගැනුණු ලොරි රථයක් සහ ත්‍රී රෝද රථයක් ද පොලිස් බාරයට ගැනිණ.

    සැකකරුවන් කහපොළ අවට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ති‍බේ. 

    Latest News