පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක් වැසේ

මැයි 05, 2022

    පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක් වසා තැබීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

    ඒ අනුව, දියත උයන මංසන්ධියේ (පොල්දුව මංසන්ධිය) සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්, ජයන්තිපුර මංසන්ධියේ සිට කියංහෑම් මංසන්ධිය දක්වාත් (ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දක්වා) තිබෙන පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග අද සහ හෙට (06) දෙදින වසා තැබේ. 

    පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වීමට නියමිත බැවින් විටින් විට එම පාර්ලිමේන්තුව අවට පැවැත්වෙන මහජන උද්ඝෝෂණ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා කාර්ය මණ්ඩලයට ගමන් කිරීමට බාධා ඇති වන බවයි, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

    අදාළ නිවේදනය පහතින්,

    Parliament1

     

     

     

     

    Latest News