ඉන්දුනීසියාවෙන් රු.මිලියන 550ක ඖෂධ මෙරටට

අප්‍රේ 29, 2022

    ඉන්දුනීසියානු රජය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 550ක් (අ.ඩො.මිලියන 1.6ක් ) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට හිමිවිය.

    එම ඖෂධ, කටුනායක ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලංකාවේ, ඉන්දුනීසියානු තානාපතිනි ඩේවි ටොබින් මැතිණිය විසින් සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන වෙත භාර දෙනු ලැබීය.

    එම ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගය කිලෝ ග්‍රෑම් 3100ක පමණ බරින් යුක්ත අතර පිළිකා රෝග සදහා යොදා ගන්නා ඖෂධ ඒ අතර ප්‍රමුඛ වෙයි.

    ඖෂධ ලබාගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති මේ අවස්ථාවේ දී ඉන්දුනීසියාව විසින් ලබාදුන් මෙම ඉක්මන් උපකාරය 70 වසරක ශ්‍රී ලංකා - ඉන්දුනීසියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් කරන බවයි, සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය විසින් මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කර තිබේ.

    Latest News