ඉන්දුනීසියානු රජය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 550ක් (අ.ඩො.මිලියන 1.6ක් ) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට හිමිවිය.

'කොවිඩ්-19' වසංගතයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නය වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව, දෝහාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සෞඛ්‍ය අංශය වෙත වෛද්‍ය ඔක්සිජන් සිලින්ඩර 85ක් පරිත්‍යාග කළේය. තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයන ලද වෛද්‍ය ආධාර සහිත සිව්වැනි ගුවන් භාණ්ඩ තොගය මෙය විය.

සංචාරණ සීමා පැනවීම නිසා ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් පන් දහසේ දීමනාව ලබාදීම දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි.

නිරෝධායන ක්‍රියාවලියේ දී ජනතාවට සහන සැලසීමට ඔක්තෝබර් මාසය තුළ දී පමණක් රජය රුපියල් බිලියන 7.3 කට අධික මුදලක් වෙන් කරයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථානවල වැඩවසන හිමිවරුන් හා සාමනේර හිමිවරුන් සියක් නමක් උදෙසා මිරිසවැටි රාජමහා විහාරස්ථානයේ දී විශේෂ පරිත්‍යාග වැඩසටහනක් ඊයේ සිදු කෙරිණ.

ඔස්ට්‍රේලියාවෙන් පරිත්‍යාග කෙරුණු දැඩි සත්කාර ඒකක ඇඳන් 35ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත අද බාරදෙනු ලැබීය.

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට,හිමිවන රුපියල් පන්දහසේ දීමනාව, මැයි මාසය සදහා ද ගෙවීමට රජය තීරණය කර තිබේ. එම තීරණය ගනු ලැබුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනූවයි.

මධ්‍යම පරිසර අධිකාරියේ ද අනුමැතිය ලත් සායනික අපද්‍රව්‍ය බැහැර කරන පරිසර හිතකාමී කසල බදුන් 40 ක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම ඊයේ දින (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

COVID - 19 වෛරසය පාලනය හා මර්දනය කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් විශාල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ආධාර හා ප්‍රදානයන් මේ වන විට ලැබෙමින් පවතී.

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනය කොවිඩ්-19 සෞඛය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් තිස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

Latest News