ජනපති සහ ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද

අප්‍රේ 29, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව අද පැවැත්වේ.

    ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා සමග පමණක් හමු වී සාකච්ඡා කිරීමට නිදහස් පක්ෂය ප්‍රමුඛ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ඊයේ තීරණය කළ බවයි.

    ඒ අනුව මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුවේ දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ට මෙන්ම 2020 මහමැතිවරණයන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ සහ මේ වනවිට ස්වාධීනව කටයුතු කරන පක්ෂ නායකයින්ට ද ඇරයුම් කර ඇති බවයි වාර්තා වේ.

    Latest News