රංගන ශිල්පිනී අනූෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි

අප්‍රේ 28, 2022

    ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඇය 47 වැනි වියෙහි පසුවිය.

    කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දී ඇය මෙසේ අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ. 

    ජනප්‍රිය චිත්‍රපට රැසකට අනූෂා සොනාලි මහත්මිය රංගනයෙන් දායක විය.

    විසිදැල , ලොකු දුව, මමත් ගැහැනියක්, සුන්දර වරද ආදී නිර්මාණ හරහා ඇය රසික හදවත් දිනා ගත්තා. 1995 වසරේදී සිය ප්‍රථම රංගනය වෙනුවෙන් ඇය හොඳම නැගී එන නිළියට හිමි සරසවිය සම්මානය ද දිනාගත්තා ය.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 අප්‍රේල් 2022 10:44

    Latest News