කොළොන්නාවවෙන් ඉන්ධන නිකුත් කිරීම සාමාන්‍ය පරිදි

අප්‍රේ 28, 2022

    කොළොන්නාව - නිමාව ඉන්ධන නිකුත් කිරීමේ පර්යන්තයෙන් බවුසර් සදහා අද පෙරවරුවේ සිට ඉන්ධන නිකුත් කෙරේ.

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් පවසන්නේ, අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සළකා ඉන්ධන නිකුත් කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

    අද උදෑසන සිට කොළොන්නාව - නිමාව ඉන්ධන ලබා ගැනීම සදහා බවුසර් රථ විශාල සංඛ්‍යාවක් පැමිණ අති අයුරු දැක ගත හැකිවිය. දුර බැහැර ප්‍රදේශවලට ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය ද අදත් ක්‍රියාත්මකයි.

    ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කිසිඳු වෘත්තීය ක්‍රියා මාර්ගවලින් තොරව සිදු කරන බව ඛනිජ තෙල් සේවකයින් සහ බවුසර් රථ රියදුරන් ප්‍රකාශ කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 අප්‍රේල් 2022 09:13

    Latest News