විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවයි

අප්‍රේ 28, 2022

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (28) දිනයේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

    21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ බවයි සඳහන් වන්නේ. 

    එසේම ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ද අද දිනයේ පක්ෂ නායක රැස්වීමේ දී අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.

    Latest News