පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

අප්‍රේ 28, 2022

    සියළුම භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් සහ ව්‍යාපාරිකයින් තමන් සතුව ඇති භාණ්ඩවල තොරතුරු පැහැදිළිව ළඟ තබාගත යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.

    ඒ පිළිබඳව දැනුම් දෙමින් සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා ඊයේ සිට බලපැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව, සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනය, මිලදී ගත් දිනය, මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය, කාණ්ඩ අංකය ඇතුළත් රිසිට් පත් හෝ බිල්පත් එලෙස ළග තබාගත යුතු වෙයි.

    එම තොරතුරු ඇතුළත් නොවන භාණ්ඩ හා නිෂ්පාදන විකිණීම, ගබඩා කිරීම, රැස්කර තබා ගැනීම, බෙදාහැරීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සඳහා හෝ ප්‍රදර්ශනය කිරීම සිදුනොකළ යුතු බවයි, එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

    Gazet 900px 22 04 28

    Last modified on බ්‍රහස්පතින්දා, 28 අප්‍රේල් 2022 09:14

    Latest News