කොළොන්නාව අවට අද පැය 20ක ජල කප්පාදුවක්

මාර් 06, 2021

    කොළොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (06) උදෑසන 9.00 සිට පැය 20ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

    ඒ අනූව, කොළොන්නාව නගර සභා සීමාව, රාජගිරිය,මොරගස්මුල්ල,ඔබේසේකරපුර,බණ්ඩාරනායකපුර,නාවල, කොස්වත්ත,රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවනු ඇති.

    අඹතලේ සිට කොළොන්නාවට ජලය රැගෙන එන නළයක අලුත්වැඩියාවක් ඊට හේතුවයි.

    Latest News