බලපත්‍රයට අනුව, ඉන්ධන නිකුත් කිරීම ලබන බ්‍රහස්පතින්දා

ජූලි 19, 2022

    ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව, ඉන්ධන නිකුත් කිරීම ලබන බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මකයි.

    ඒ අනුව, සිපෙට්කෝ පිරවුම්හල් ආශ්‍රිත පෝලිම්වල පවතින සියලු රථවාහන එම ස්ථානවලින් ඉවත් කර ගන්නා ලෙස අමාත්‍යාංශය වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.

    ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය, දුම්රිය සහ ට්‍රක් රථ මගින් ග්‍රාමීය ඩිපෝ වෙත ඉන්ධන බෙදා හැරීම අද සිට ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.  ඒ, ඊයේ මෙරටට පැමිණි ඩීසල් නෞකා දෙකක ඉන්ධන ගොඩබෑමෙන් අනතුරුවයි.  

    අප වාර්තාකරු සඳහන් කළේ, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3500 ක් රැගත් නෞකාවක් හැඳල පල්ලියවත්ත මුහුදු තීරයට සේන්දු වී ඇති බවයි. ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් රැගත් නෞකාවක්ද අද උදෑසන එම මුහුදු තීරයේ  දක්නට ලැබුණා. 

    Latest News