අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදේශ ගමන් තහනම දීර්ඝ වෙයි

අප්‍රේ 18, 2022

    හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට මැයි මස 02 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද යලි සිතාසි නිකුත් කළා.

    ඒ මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ද එදින තෙක් දීර්ඝ කරන බව අධිකරණය සඳහන් කළා.

    කබ්රාල් මහතාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබෙන ද ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

    ඔහු වෙනුවෙන් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බව සඳහන් කළා

    හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

    මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අවධියේ සිදු කළ බව කියන චෝදනා සම්බන්ධයෙන් කබ්රාල් මහතා ට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News