හිටපු මහ බැංකු අධිපතිවරයාට රටෙන් පිට වීම වළක්වාලමින් නියෝගයක්

අප්‍රේ 07, 2022

    හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 18 වනදා දක්වා රටින් පිට වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා.

    බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

    එමෙන්ම අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරු ලෙස නම් කර තිබූ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

    2006 වසරේ ජුලි මස පළ වන දා සිට 2015 වසරේ ජනවාරි මස 8 වනදා දක්වා ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ සිද්ධීන් ගණනාවකට අජිත් නිවාඩ් කබ්රාල් මහතා සම්බන්ධ වී ඇති බව අදාළ පැමිණිල්ල තුලින් කරුණු දක්වා තිබෙනවා.

    මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අවස්ථාවක අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටින් පළා යාමට අවකාශ පවතින හෙයින් ඔහු රටින් පිට වීම වැළැක්වීමේ නිකුත් කරන ලෙස පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා.

    කරුණු සලකා බැලීමෙන් අනතුරුව හේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළා.

    Latest News