මහ බැංකු අධිපති ඉවත් කිරීම ගැන පළවන වාර්තා අසත්‍යයයි

මාර් 17, 2022

    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිතුමා කිසිසේත් දැනුම් දී නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    කබ්රාල් මහතාට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී ඇති බව අද එක්තරා පුවත්පතක පළ වූ වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි එම අංශය පවසන්නේ. අජිත් නිවාඩ් කබ්රාල් මහතා කෙරෙහි තබා ඇති විශ්වාසය කිසිසේත් පළුදු නොවී ඇති අතර තවදුරටත් රටේ ආර්ථිය අභියෝගය ජය ගැනීම සඳහා මහ බැංකු අධිපතිවරයා කටයුතු කරන බවට ජනාධිපතිතුමාට විශ්වාසයක් ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

    දිවයිනට පැමිණි IMF දූත පිරිස කිසිසේත් ශ්‍රී ලංකාවේ නිලධාරීන් සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බවත් මහබැංකු අධිපතිවරයා ද එම සාකච්ඡාවට සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙනවා.

    එමෙන්ම එම දූත පිරිස සාකච්ඡා කළේ රටේ ආර්ථික තත්ත්වය පමණක් බව එම මාධ්‍ය අංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

    මෙවැනි අසත්‍ය කතාවලින් අධෛර්යයට පත් නො වන ලෙසත් රටේ ස්ථාවරත්වය සහ සංවර්ධනය සඳහා ඔහුගේ සියලු වැදගත් කාර්යයන් කරගෙන යන ලෙසත් ජනපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයාට දැනුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News