හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් මිලියන 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි මුදල් අවභාවිතා කළේ යැයි ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක සැකකරු වශයෙන් නම් කර සිටින හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ජූලි මස 25 වනදා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට මැයි මස 02 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද යලි සිතාසි නිකුත් කළා.

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 18 වනදා දක්වා රටින් පිට වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිතුමා කිසිසේත් දැනුම් දී නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය අමාත්‍ය ධුරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් අද ඉල්ලා අස් වුණා.

මේ වසරේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 13ක් දක්වා වැඩි කිරීමට රජය අපේක්ෂා කරන බවත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ විවිධ අමාත්‍යවරු යොදවා ඇති බවත්, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.

Latest News