තණමල්විල මාරක අනතුරකින් එකම පවුලේ මව, පියා සහ දියණිය මරුට

අප්‍රේ 07, 2022

    තණමල්විල උඩවළව මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයේ අද (7) පස්වරුවේ දී සිදු වූ අනතුරකින් එකම පවුලේ මව,පියා සහ දියණිය ජීවිතක්ෂයට පත් වී තිබේ.


    තිරෝද රථයක් සහ බොලොරෝ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අනතුරින් පසු තිරෝද රථයේ ගමන් ගත් තිදෙනාම එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී ඇත.
    මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල අලුත්වෙලගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර විශ්වවිද්‍යලෙය් සිටි දියණිය රැගෙන යාමට මෙම මව සහ පියා මෙලෙස පැමිණ තිබේ.
    පසුව දියණියත් සමග යළි බදුල්ල බලා ගමන් කරමින් සිටින අතර මෙම අවාසනාවන්ත අනතුර සිදු වී ඇති අතර අනතුරින් බොලොරෝ කැබ් රථයේ රියදුරු ද සුළු තුවාල ලබා ඇත.
    මල සිරුරු තණමල්විල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News