අද උදෑසන ඇඳිරිනීතිය ඉවත් කෙරේ

අප්‍රේ 01, 2022

    කොළඹ අවට පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ සිට පැනවූ ඇඳිරි නීතිය අද අලුයම 5.00ට ඉවත් කර තිබේ.

    කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ, නුගේගොඩ ගල්කිස්ස සහ කැලණිය යන පොලිස් බල ප්‍රදේශවලටයි ඊයේ රාත්‍රී සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවනු ලැබුවේ.

    ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මිරිහාන – පැගිරිවත්ත පාර අවහිර කරමින් ඊයේ පස්වරුවේ විරෝධතාව පැවැත්වු අතර එහිදී ඇතිවූ නොසන්සුන්තාව හමුවේ මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවිණ. 

    Latest News