සංචාරක ක්ෂේත්‍රයෙන් මාස තුනට ඩො.මිලියන 462ක ආදායමක්

අප්‍රේ 01, 2022

    මේ වසරේ මුල් මාස තුනක කාලයේදී සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 462ක පමණ ආදායමක් ඉපයීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

    මේ වර්ෂය අවසන් වන විට අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ඉක්මවා යන ආදායමක් මේ අනුව සංචාරක කර්මාන්තයෙන් අපේක්ෂා කළ හැකි බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා ඊයේ (31) පැවසීය.

    මෙරට බලශක්ති අර්බුදය සඳහා විසදුම් ලැබෙන්නේ නම් එම අපේක්‍ෂිත ආදායම වෙත ළඟා වීම පහසු වනු ඇති බව ද සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

    කොවිඩ් වසංගතයෙන් වසර දෙකකට පසු විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර, ඒ අනුව එක් මසකදී විදෙස් සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවා යෑමට සමත්ව තිබේ.

    Latest News