අදත් පැය 12ක විදුලි කප්පාදුවක්

අප්‍රේ 01, 2022

    අද (01) පැය 12ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර දී තිබේ.

    ඒ අනුව, A,B,C,D,E,F කාණ්ඩවලට පෙ.ව 4.00 සිට පෙ.ව 6.00 අතර පැය 2ක්, පෙ.ව 8 සිට දහවල් 12 දක්වා පැය 4ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරේ.

    මේ අතර, G,H,I,J,K,L කාණ්ඩයට පෙ.ව. 6.00 සිට පෙ.ව 8.00 දක්වා පැය 2ක්, දහවල් 12 සිට ප.ව 4.00 දක්වා පැය 4 ක් සහ සවස 6.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

    P,Q,R,S කාණ්ඩවලට පෙ.ව 4.00 සිට පෙ.ව 6.00 අතර පැය 2ක්, පෙ.ව 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 4ක් සහ සවස 4.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරේ.

    Latest News