මුදල් අමාත්‍යවරයා ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක....

මාර් 13, 2022

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාව, අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ඉන්දීය සංචාරයෙන් තවදුරටත් ශක්තිමත් වනු ඇති බව, ඉන්දීය රජය පවසනවා.

    ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට පැමිණිමට නියමිත බවයි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පිළිගැනීම සඳහා මහත් උනන්දුවෙන් බලා සිටින බව ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්. ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ණය මුදලක් ලබාගැනීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කරගැනීමට අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ලබන සතියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

    සාම්පූර් ප්‍රදේශයේ මහා පරිමාණ සුර්ය විදුලි බලාගාරයක් ආරම්භ කිරීම සඳහා ද ඉන්දියාව මේ වනවිට එකඟතාවට පැමිණ තිබෙනවා.

    Latest News